අඩු ආදායම්ලාභි පවුල් ලක්ෂ 29කට නොමිලේ සහල් බෙදා දීමේ වැඩසහටන හෙට සිට ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා.
ගොවි ජනතාව වෙතින් මෙවර මහ කන්නයේදී මිල දී ගන්නා ලද වී , මේ සඳහා යොදාගන්නා බවයි කෘෂිකර්ම අමාත්‍යාංශය ප්‍රකාශ කළේ.
ඒ අනුව දැනට ඉල්ලුම් කර ඇති කොළඹ, ගම්පහ, කළුතර, මහනුවර, රත්නපුර, ගාල්ල, මාතර සහ තවත් දිස්ත්‍රික්ක කිහිපයකට මුල් අදියර යටතේ සහල් බෙදාදීම සිදුවනු ඇති.
හම්බන්තොට දිස්ත්‍රික්කයේ අගුකොළපැලැස්ස සහ වීරකැටිය ප්‍රදේශ වලින් හෙට මෙම වැඩසටහන ආරම්භ කිරීමට නියමිතයි.