ථෙරවාදි බුදු දහම සුරක්ෂිත කර ජාත්‍යන්තරයට ව්‍යාප්ත කිරීමේ වගකීම ඉටු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.
ඒ වෙනුවෙන් කෘතිම බුද්ධිය යොදා ගැනීමේ වැඩපිළිවෙලක් ක්‍රියාවට නංවන බවයි ජනාධිපතිවරයා සදහන් කළේ.
මාතලේ එඩ්වඩ් ක්‍රිඩාංගනයේ පැවති සාමණේර භික්ෂුන් වහන්සේලා 300 නමක් උපසම්පදා ශිලයේ පිහිටුවීමේ රාජ්‍ය මහෝත්සවයට ඊයේ එක්වෙමිනුයි ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ.
ත්‍රෛනිකායික මහා සංඝරත්නයේ අවවාද අනුශාසනා ලබා ගනිමින් උගත් පිරිස දායකකර ගනිමින් ථෙරවාදි බුදු දහම ව්‍යාප්ත කිරීමට නව වැඩපිළිවෙලක් ක්‍රියාවට නංවන බව ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සදහන් කළා.