බෙලිඅත්ත – වීරකැටිය මාර්ගයේ බෙලිගල්ල ප්‍රදේශයේ අද (23) උදෑසන 7.30ට පමණ පාසල් ළමුන් ප්‍රවාහනය කළ බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අනතුරට ලක්ව ඇති අතර පාසල් ළමුන් 16 දෙනෙකු පමණ තුවාල ලබා බෙලිගල්ල රෝහලට ඇතුළත් කර ඇත.
ඉන් කිහිපදෙනෙකු මේ වනවිට රෝහලෙන් පිටව ගොස් ඇති අතර බස් රථය මාර්ගයෙන් ඉවතට පැන මාර්ගයේ ඉවුරක ගැටී නැවතී ඇත.