ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායමේ රැස්වීමක් මේ වන විට පැවැත් වෙනවා.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී එම රැස්වීම පැවැත්වෙනවා.
ඉදිරි පාර්ලිමේන්තු සතියේ දී කටයුතු කළ යුතු ආකාරය පිළිබඳව මෙහිදි සාකච්ඡා කෙරෙන බව සදහන්.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය පහසුකම පිළිබඳව පැවැත්වෙන පාර්ලිමේන්තු විවාදය සහ ඊට අදාළ ඡන්ද විමසීම පිළිබඳව මෙන්ම උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගයීම් සම්බන්ධයෙන් මෙහිදි අවධානය යොමුවනු ඇති .