Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා අඛණ්ඩ සත්‍යග්‍රහය තවදුරටත්

    2026-10-17

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    2026-09-29

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    2026-09-25
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා අඛණ්ඩ සත්‍යග්‍රහය තවදුරටත්
    • ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
    • හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට
    • කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ
    • පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර
    • පනිච්චම්කුලම ප්‍රදේශයේ ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක්
    • ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි
    • කාවන්තිස්ස ඇතාට කඩිනම් ප්‍රතිකාර කිරීම ඇරඹේයි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බදාදා, ඔක්තෝබර් 21
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » කාර්මික අධ්‍යාපනය සහ පුහුණු අවස්ථා වැඩිදියුණු කළ යුතුයි

    කාර්මික අධ්‍යාපනය සහ පුහුණු අවස්ථා වැඩිදියුණු කළ යුතුයි

    2023-01-26කියවීමට මිනිත්තු 2ක් ගතවේ.25 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    හතරවන හා පස්වන කාර්මික විප්ලවවල නව කර්මාන්ත තාක්ෂණය හා මුසු වූ ඩිජිටල් ආර්ථිකය අතික්‍රමණය කිරීමට අවශ්‍ය නවීන තාක්ෂණය මෙරට කර්මාන්ත තුළට හඳුන්වා දෙමින් රට තුළ කාර්මික අධ්‍යාපනික හා පුහුණු අවස්ථා වැඩිදියුණු කළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දෙනවා.

    2023 වසරේ අවසන් කාර්තුවේ මෙරට පැවැත්වීමට නියමිත “නව ඩිජිටල් ආර්ථිකය පිළිබඳ ජාත්‍යන්තර සම්මන්ත්‍රණය සහ ප්‍රදර්ශනය” පිළිබඳ පැවති මූලික සාකච්ඡාවේදී ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා.

    මෙරට විවිධ කර්මාන්ත මේ වන විට පවතින තාක්ෂණික මට්ටමේ සිට නව කාර්මික විප්ලවවල තාක්ෂණයෙන් අනුන වූ ඩිජිටල් ආර්ථිකය අතික්‍රමණය දක්වා ගමන් කරන්නේ කෙසේද යන්න පිළිබද හඳුනා ගනිමින් වත්මන් අර්බුදය ජය ගැනීම සඳහා ඵලදායිතාව සහ කාර්යක්ෂමතාව වැඩි දියුණු කිරීම උදෙසා තාක්ෂණය උපයෝගී කර ගැනීම මෙම ප්‍රදර්ශනය සංවිධාන කිරීමේ අරමුණයි.

    නවීන තාක්ෂණයත් සමග මුසු වෙමින් ශ්‍රී ලංකාව අපනයන කේන්ද්‍රස්ථානයක් බවට පත් කිරීම, සේවා සහ අපනයන අංශ වෙත සෘජු විදේශ ආයෝජන ප්‍රවර්ධනය කිරීමට රජයට උපකාර කළ හැකි තත්ත්වයට පත් කිරීම, දේශීය කර්මාන්ත සඳහා උසස්ම ජාත්‍යන්තර භාවිතයන් ගෙන ඒම සහ කර්මාන්ත ප්‍රමුඛයන් සමඟ ජාලගත කිරීම මෙමගින් අපේක්ෂා කෙරෙනවා.

    සයිබර් භෞතික පද්ධති, අන්තර්ජාල තොරතුරු, අන්තර්ජාල සේවා, රොබෝ විද්‍යාව, විශාල දත්ත, ක්ලව්ඩ් පරිගණක සහ නිමැවුම්, කෘතිම බුද්ධිය වැනි තාක්ෂණික ක්‍රමවේදයන් පිළිබඳ අවධානය යොමු කරමින් මෙම නව ඩිජිටල් ආර්ථිකය ළඟා කරගැනීම මෙහි අපේක්ෂාවයි. මෙරට කර්මාන්ත ක්ෂේත්‍රයට නවීන තාක්ෂණ මෙවලම් හඳුන්වා දීම ද මෙම ප්‍රදර්ශනය මගින් සිදු කෙරෙන බවයි ජනාධිපති කාර්යාලය සඳහන් කළේ.

    විවිධ ක්ෂේත්‍ර ඔස්සේ ඩිජිටල් ආර්ථික සංවර්ධනය ළඟා කර ගැනීම මඟින් දිවයින පුරා විවිධ සමාජ ස්ථරවලට අයත් ජන කොටස් වෙත ආර්ථික ප්‍රතිලාභ ලබාදීමත්, එමගින් සමාජය සවිබල ගැන්වීම පිළිබඳවත් මෙම සාකච්ඡාවේදී අවධානය යොමු කෙරුනා.

    මෙම ප්‍රදර්ශනයේ සංවිධාන කටයුතු තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතාගේ සභාපතීත්වයෙන් මුදල්, විදේශ කටයුතු, කර්මාන්ත, අධ්‍යාපන, ප්‍රවාහන, වෙළඳ, කෘෂිකර්ම ඇතුළු රේඛීය අමත්‍යංශ 13 ක නියෝජිතයන්ගෙන් සමන්විත මෙහෙයුම් කමිටුවක් මඟින් සිදු කිරීමට නියමිතයි.

     

    පෙර පුව​තඔලිම්පික් යන්න රුසියානු සහ බෙලරුසියානු ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට අවසර
    ඊළඟ පුව​ත එක්සත් රාජධානියෙනුත් කොළ එළියක්

    සබැ​ඳි පුවත්

    ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා අඛණ්ඩ සත්‍යග්‍රහය තවදුරටත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර

    පනිච්චම්කුලම ප්‍රදේශයේ ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා අඛණ්ඩ සත්‍යග්‍රහය තවදුරටත්

    2026-10-17

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    2026-09-29

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    2026-09-25

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    2026-09-25
    ක්‍රීඩා පුවත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    2026-09-29

    ආසියානු ක්‍රීඩා උලෙළේ පිරිමි ක්‍රිකට් ඉසව්වේ මුලික වටය ඇරඹෙයි

    2026-09-24

    නව ශ්‍රී ලංකා ක්‍රිකට් පනතක්

    2026-09-23
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group