©The Guardian
බ්‍රිතාන්‍යයේ වෙන්දේසියකදී අලෙවි වන්නට ගිය ඉන්දියාවේ පිප්‍රාහ්ව ප්‍රදේශයෙන් සොයා ගන්නා ලද සර්වඥ ධාතුන් වහන්සේ වසර 127කට පසු ඉන්දියාවට වැඩම කරවා ඇති බව අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ඊයේ (ජූලි 30) නිවේදනය කළේ ය.
සිය X ගිණුමේ සටහනක් යොදමින් අග්‍රාමාත්‍ය මෝදි තම සංස්කෘතික උරුමය සම්බන්ධයෙන් ඊයේ දිනය ප්‍රීතිමත් දිනයක් බව සඳහන් කළ අතර වසර 127ක දිගු කාලයකට පසු පූජනීය පිප්‍රාහ්ව සර්වඥ ධාතුන් වහන්සේ නැවතත් ඉන්දියාවට වැඩම කරවීම සෑම ඉන්දියානුවෙකු ම ආඩම්බරයට පත් කරන කරුණක් බව ප්‍රකාශ කළේ ය