ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා එක්ව කටයුතු කිරීමට කිසිදු අදහසක් නොමැති බව සමගි ජන බලවේගය පවසනවා.
ස්විඩනයේ සංචාරයක නිරත ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා එරට පැවති ජන හමුවකට එක්වෙමින් සිදුකළ ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා මෙම අදහස් පළ කළා.