දෙසැම්බර් මස 31 වනදායින් පසුව නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරය සම්පූර්ණයෙන්ම නතරවන බව ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය පවසනවා .
එහි සභාපති නිහාල් වීරරත්න මහතා අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ප්‍රකාශ කළේ පවතින ගල් අඟුරු තොගය අවසන් වීම හේතුවෙන් මෙලෙස නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරය සම්පූර්ණයෙන්ම නතරවන බවයි .
එම මාධ්‍ය හමුවට එක්වූ විදුලි ඉංජිනේරුවන් වැඩිදුරටත් සඳහන් කළේ මේ හේතුවෙන් පැය 10කට ආසන්න කාලයක විදුලි කප්පාදුවක් සිදුකිරීමේ බරපතළ අවදානමකට මුහුණ දීමට සිදුවන බවටයි .