අලුත් අවුරුදු සමය වෙනුවෙන් සුළු පරිමාණ වෙළඳුන්හට මග දෙපස භාණ්ඩ අලෙවි කිරීමට රජය විසින් ලබා දුන් අවසරය ලබන 19වන බදාදයින් අවසන් වනවා.
උත්සව සමයේ දී මාර්ග සංවර්ධන අධිකාරියට අයත් මාර්ග දෙපස නිෂ්පාදන අලෙවි කිරීම සඳහා සුළු පරිමාණ වෙළඳුන්හට තාවකාලිකව අවසර ලබාදීමට ප්‍රවාහන අමාත්‍යවරයාගේ අනුමැතිය පසුගියදා හිමිවුණා.
ඒ අනුව මාර්ග ආශ්‍රිතව වෙන් කර දෙනු ලබන විශේෂිත ප්‍රදේශවල අදාළ ප්‍රාදේශීය ලේකම්වරයාගේ අනුමැතිය සහ අධීක්ෂණය සහිතව ස්ථීර ඉදිකිරීම් සිදුනොකර සිය නිෂ්පාදන අලෙවි කරගැනීමට නිෂ්පාදකයින්ට අවසර දෙනු ලැබුවා.
එම අවසරය ලබන බදාදායින් පසු අවසන් බවයි මාර්ග සංවර්ධන අධිකාරිය සඳහන් කරන්නේ.