නීති විරෝධීව රටතුළට ගෙන ඒමට උත්සාහ කළ නීති විරෝධී දුම්වැටි දස දහසක් අඩංගු කාටුන් පනහක් සමග පුද්ගලයෙකු අද(21) අලුයම අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ ගුවන් තොටුපොළ ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොලේ පැමිණීමේ පර්යන්තයේදීයි.
අත්අඩංගුවට ගැනුණු සැකකරු වයස අවුරුදු 22ක් පමණ වන වවුනියාව ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි පොලිසිය කියා සිටියේ.
පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ ගුවන් තොටුපොල ඒකකය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.