ක්‍රිකට් ක්‍රීඩාව දේශපාලනයෙන් තොරව පවත්වාගෙන යාම තම අරමුණ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.
2030දී මෙරට ක්‍රිකට් ක්‍රීඩාව තිබිය යුත්තේ කොතැනද කියා දැක්මක් තමා සතු බවද ඔහු පැවසුවා .
ක්‍රිකට් ක්‍රීඩාවට අදාළව ඉදිරියේදී ගෙන එන නව නීති මගින් අතුරු කමිටුවල සහ අමාත්‍යවරයාගේ බලතල අහෝසි වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.
එමෙන්ම පාසල් ක්‍රිකට් ක්‍රීඩාව දියුණු කිරීම සඳහා මෙවර අයවැයෙන් රුපියල් බිලියන 1.5ක් වෙන් කල බවයි ජනාධිපතිවරයා අවධාරණය කලේ .
මෙම මුදල් පරිපාලනය සහ පාසල් ක්‍රිකට් ක්‍රීඩාව දියුණු කිරීම ස්වාධීන භාරයක් වෙත පැවරීමට අපේක්ෂා කරන බව ජනාධිපතිවරයා සදහන් කළා .
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පැවසුවේ ඊයේ පස්වරුවේ කොළඹ කෝල්ට්ස් ක්‍රීඩා සමාජයේ 150 වන සංවත්සර සැමරුම් උත්සවය අමතමින්
උණුසුම් පුවත්
- නාවික හමුදා බාරයට ගත් බහුදින යාත්‍රාවෙන් හමුවූ දේ
- ටයර් කර්මාන්ත ශාලාවක ගින්නක්
- වනාන්තර හානිය දැනුම් දීමට නව දුරකතන අංකයක්
- “රටම එකට” ජාතික මෙහෙයුම අඛණ්ඩව
- එංගලන්ත දුම්රියක පිහි ඇනුමකින් පුද්ගලයින් 10 දෙනෙකු රෝහල් ගත කෙරේ
- ගැඹුරු මුහුදේදී සිය භාරයට ගත් ධීවර යාත්‍රාවේ මත්ද්‍රව්‍ය ඇති බවට අනාවරණයක්
- කාන්තා එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද
- QR ක්‍රමයට තේ පොහොර ලබා දීමේ ක්‍රියාවලිය ඉහළ ප්‍රගතියක්












