හයිලෙවල් මාර්ගයේ ගමන් ගන්නා සියලුම මගී ප්‍රවාහන බස් රථ අද සිට මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය හරහා ගමන් කිරීම අනිවාර්ය කර තිබෙනවා.
ප්‍රවාහන බස් රථ විශාල ප්‍රමාණයක් කොට්ටාව බහු විධ ප්‍රවාහන මධ්‍යස්ථානය මගහැර ධාවනය වන බවයි ප්‍රවාහන අමාත්‍යාංශය සදහන් කළේ.
විශේෂයෙන් මාර්ග තදබදය වැලැක්වීම, ඉන්ධන පිරිමැස්ම, පරිසර දූෂණය වැළැක්වීම, මගීන්ගේ හා රථ වාහනවල ආරක්ෂාව තහවුරු කිරීම වෙනුවෙන් මෙම තීරණය ගෙන ඇති බව එම අමාත්‍යාංශය ප්‍රකාශ කළා.
ඒ හේතුවෙනුයි අද සිට සියලුම මගී ප්‍රවාහන බස්රථ මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය හරහා ගමන් කිරීම අනිවාර්්‍ය කිරීමටයි තීරණය කර ඇත්තේ.