
ඔටිසම් සහ අනෙකුත් ස්නායු ආබාධ සහිත විශේෂ අවශ්‍යතා ඇති දරුවන්ට සාමාන්‍ය පෙර පාසල් දරුවන් සමගම එක්ව ඉගෙනීමට අවස්ථාව සලසා දීමේ විශේෂ වැඩපිළිවෙලක් රජය විසින් ආරම්භ කර තිබෙනවා.
ඒ බව අද පැවති මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය ප්‍රකාශ කළා.
විශේෂ අවශ්‍යතා සහිත දරුවන් සමාජයෙන් වෙන්කොට වෙන වෙනම ඉගැන්වීමේ පැරණි ක්‍රමය අත්හැරීමටයි රජය තීරණය කර ඇත්තේ.














