රුපියල් කෝටි 21 ක් වටිනා මත්ද්‍රව්‍ය තොගයක් සමග සැකකරුවන් 7 දෙනෙකු කටුනායකදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ නිලධාරීන් විසින් සැකකරුවන් අත්අඩංගුවට ගත් බවයි අප ගුවන් තොටුපල වාර්තාකරු සදහන් කළේ.
හොංකොං සිට මෙරටට එවන ලද භාණ්ඩ තොගයක තිබී කෘතිම ගංජා කිලෝ ග්‍රෑම් 33 ක් සොයාගෙන තිබෙනවා.
පසුව සැකකරුවන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී පිටකොටුවේ වෙළෙද සැළක සගවා තිබු මත්ද්‍රව්‍ය තොගයක් ද සොයාගෙන ඇති බවයි අප වාර්තාකරු සදහන් කළේ.