සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි කණ්ඩායම, අද (26) පෙරවරුවේ රැස්විමට නියමිතයි. ඒ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් .
එහි ජ්‍යෙෂ්ඨයෙකු සදහන් කළේ, මෙහිදී දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් සමගි ජන බලවේගය දරන ස්ථාවරය පිළිබඳ වැඩිදුරටත් සාකච්ජා කිරීමට නියමිත බවයි.
මේ අතර ලබන ලබන 28 ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රි කණ්ඩායම් රැස්වීමක් පැවැත්විමට නියමිතව තිබෙනවා.
ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රිවරයකු සඳහන් කළේ එදින සවස 5ට ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් රැස්වීම පැවැත්වෙන බවයි.
එහිදී අස්වැසුම ප්‍රතිලාභ යෝජනා ක්‍රමය සම්බන්ධයෙන් පැන නැගී ඇති ගැටලු පිළිබඳව ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රිවරුන් රැසක් කරුණු ඉදිරිපත් කිරීමට නියමිතව ඇතැයි වාර්තා වනවා .
උණුසුම් පුවත්
- වත්මන් රජයට ජනතා පොරොන්දු මතක් කළ යුතුයි
- පොලිතීන් බෑග් වෙනුවට පරිසර හිතකාමී කඩදාසි බෑගයක්
- ශ්‍රී ලංකාව පරදා ඇෆ්ගනිස්ථානයට තියුණු ජයක්
- අමෙරිකාවේ අත්‍යවශ්‍ය භාණ්ඩවර්ග 200 ක තීරු බදු ඉවතට
- සුළං විදුලි බලගාර ඉදිකිරීමට එරෙහි මන්නාරමේ පැවැත්වූ විරෝධතා අවසන්
- එජාප කාන්තා බලඇණිය රනිල් හමුවෙයි
- VIDEO: සුමන්තිරන් හමුවන්න නාමල් හදිසියේම යයි
- කුඩු සළිඳුගේ මත් ජාලයට සම්බන්ධ කාන්තාවක් අයිස් එක්ක මාට්ටුවෙයි













