අලුත් අවුරුද්ද සඳහා ගම්බිම් බලා ගිය මගී ජනතාවගේ පහසුව සඳහා අද දිනයේදීත් බස් රථ වැඩි ධාරිතාවයකින් ධාවනය කිරීමට සැලසුම් කර ඇති බව ලංකා පෞද්ගලික බස්රථ හිමියන්ගේ සංගමය පවසනවා .
එහි සභාපති ගැමුණු විජේරත්න මහතා පැවසුවේ, දිවයින පුරා බස්රථ 9,000 ක් යොදවා ඇති බවයි .
අද සිට සමාන්‍ය පරිදි දුම්රිය ධාවන කටයුතු සිදුකරන බවද දුම්රිය දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සමාන්‍යාධිකාරී එන්. ජේ. ඉඳිපොලගේ මහතා පවසනවා .
දුම්රිය රියදුරන්ගේ සංගමයේ සභාපති චන්දන වියන්දුව මහතා සඳහන් කළේ, සියලුම රියදුරන් ධාවනාගාර වෙත පැමිණීම හේතුවෙන් ගැටලුවකින් තොරව දුම්රිය ධාවනය සිදුකළ හැකි බවයි .