දෙමල ජාතික සන්ධානය ඉදිරි මහ මැතිවරණයට ඉලංගෙයි තමිල් අරසුකච්චි පක්ෂයෙන් තරග කිරීමට තීරණය කර තිබෙනවා.
උතුරේ තවත් ද්‍රවිඩ පක්ෂ කිහිපයක් සමග මේ සම්බන්ධයෙන් සාකච්ඡා කරමින් සිටින බවයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි එම්.ඒ සුමන්තිරන් මහතා සදහන් කළේ.
මේ අතර ඉදිරි මහ මැතිවරණයක දී දෙමළ සහ මුස්ලිම් පක්ෂ එක්ව නව සන්ධානයක් ගොඩ නැගීම සම්බන්ධයෙන් ද සාකච්ඡා ආරම්භ කර තිබෙනවා.
ඒ අනුව ඊට අදාළ සාකච්ඡාවක් ඊයේ පැවැත්වුණා.
දෙමළ ප්රගතිශීලී සන්ධානයේ නායක මනෝ ගනේෂන්, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම් සහ දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරමින් එම්.ඒ සුමන්තිරන් යන හිටපු මන්ත්‍රීවරුන් මෙම සාකච්ඡාවට එක්ව සිටි බවයි වාර්තා වන්නේ.