වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කිරීමට අදාළ අවසන් ගැසට් නිවේදනය නිකුත් කිරීමට රජය සුදානම් බව අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පවසනවා.
වතු හාම්පුතුන් අදාළ වැටුප් වැඩි කිරීම සම්බන්ධයෙන් එකගතාවට නොපැමිණියහොත් ඉදිරි දින 15ක කාලය තුළ අවසන් ගැසට් නිවේදනය නිකුත් කරන බවයි අමාත්‍යවරයා සදහන් කළේ.
ඊයේ පැවති ජන හමුවකට එක්වෙමින් අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා මේ බව ප්‍රකාශ කළා.