මෙවර සාමාන්‍ය පෙළ විභාගයේදී ඇතිවු ගැටළුවලට මුහුණදුන් විභාග අපේක්ෂකයින්ට සාධාරණයක් ඉටු කරන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පවසනවා.
ඊයේ පස්වරුවේ මානව හිමිකම් කොමිසම හමුවේ පෙනී සිටිමෙන් පසුව මාධ්‍යට අදහස් දක්වමින් විභාග කොමසාරිස්වරයා මේ බව ප්‍රකාශ කළා.
සාමාන්‍ය පෙළ විභාගයේ සිදුවු බව කියන විභාග අක්‍රමිකතා සම්බන්ධයෙන් ලැබී ඇති පැමිණිලි කිහිපයකට අදාළ විමර්ශන කටයුතු සදහා විභාග කොමසාරිස්වරයා , මානව හිමිකම් කොමිසම හමුවට කැදවා තිබුණා.
ඒ අනුව ඊට අදාළව ඔහුගෙන් පැය තුනකට ආසන්න කාලයක් ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා.