ශ්‍රී ලංකාවෙන් මන්කි ෆොක්ස් වැළදී ඇති දෙදෙනෙකු හඳුනාගෙන ඇතැයි සෞඛ්‍ය අංශ තහවුරු කරගෙන තිබෙනවා.
විදෙස්ගතව සිට පැමිණි පවුලක සාමාජිකයින් දෙදෙනෙකුට මෙලෙස රෝගය වැළදී ඇති බව සදහන්.
මවට සහ දියණියට එලෙස මන්කි ෆොක්ස් රෝගය වැළඳී ඇති අතර ඔවුන් අයි ඩී එච් රෝහලේ ප්‍රතිකාර ලබන බවයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පැවසුවේ.
මේ අතර පියාට ද විදෙස් රටකදී මන්කි ෆොක්ස් රෝගය වැළඳී සුවය ලබා ශ්‍රී ලංකාවට පැමිණ ඇතැයි අනාවරණය වී තිබෙනවා.
මව සහ දියණිය ඩුබායි සිට පැමිණ ශ්‍රී ලංකාවට ඇතුඵ වීමේදී සිදු කළ පරීක්ෂාවේදී ඔවුන් ආසාදිතයින් බව තහවුරු වී තිබෙනවා.