පෑලියගොඩ පොලිසියට අනුයුක්තව සේවය කළ උප පොලිස් නිලධාරියෙකු සහ තවත් නිලධාරීන් දෙදෙනෙකුගේ වැඩ තහනම් කර තිබෙනවා.
පොලිසිය පැවසුවේ මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට නොගැනීම හේතුවෙන් ඔවුන්ගේ වැඩ තහනම් කළ බවයි.
එමෙන්ම අදාළ උප පොලිස් පරීක්ෂකවරයා මාර්ගයේ තිබු ජංගම දුරකතන අඩංගු පෙට්ටි 13ක් පොලිසියට නොදන්වා ළග ගෙන ඇති බව පොලිසිය සදහන් කළා.