කළුතර, පලාතොට නාගොඩ මාර්ගයේ ඇටවිල ප්‍රදේශයේදී සිදු වු අනතුරකින් යතුරු පැදිකරුවෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
පොලිසිය කියා සිටියේ පලාතොට නගොඩ මාර්ගයේ ඇටවිල ප්‍රදේශයේදී නාගොඩ දෙසට එකිනෙකට සමාන්තරව ධාවනය වූ යතුරු පැදි දෙකක් එම දිශාවටම ඉදිරියෙන් ධාවනය වූ කාර් රථයක යතුරු පැදි දෙකම එකවට ඉස්සර කිරීමට යාමේදී යතුරු පැදි දෙක එකිනෙක ගැටී මාර්ගයේ පෙරළී යාමෙන් අනතුර සිදුව ඇති බවයි.
අනතුරෙන් බරපතල තුවාල ලැබූ යතුරු පැදිකරුවන් සහ පසුපැදිකරුවන් නාගොඩ රෝහලට ඇතුත් කිරීමෙන් අනතුරුව පසුපැදිකරුවෙක් මියගෙස් තිබනෙවා.
වැලිපැන්න ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 20ක් පමණ වූ තරුණයෙක් එලෙස මියගොස් ඇති බවයි පොලිසිය පවසන්නේ.
කළුතර දකුණ පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා