ගොවීන් වගා කරන එළවළු සහ පළතුරු එම ගොවීන්ගෙන් මිලදී ගැනීම ප්‍රතික්ෂේප කරන ආර්ථික මධ්‍යස්ථානවල වෙළඳුන්ගේ බදු බලපත්‍ර අහෝසි කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.
ඇතැම් වෙළඳුන් අතරමැදියන්ගෙන් එළවළු හා පළතුරු මිලදී ගෙන ගොවීන් මෙන්ම, පාරිභෝගිකයින් ද සූරාකෑමේ ජාවාරමක් දියත් කරමින් පවතින බවට තොරතුරු ලැබී ඇති බවයි අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේ.
ඒ අනුව එලෙස කටයුතු කරන වෙළඳුන්ගේ බලපත්‍ර අහෝසි කර වෙනත් පුද්ගලයින්ට පැවරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.