උත්සව සමයේදී බීමත් රියදුරන් හඳුනා ගැනීමේ පරීක්ෂණ කට්ටල එක් ලක්ෂ හැටහත් දහසක් පොලිස් ස්ථාන වෙත බෙදාහැරීම ආරම්භ කර තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව මහතා සදහන් කළේ ඉන් හැත්තෑ දහසක් පමණ මේ වන විට බෙදා හැර අවසන් බවයි.
උත්සව සමයේදී බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීම මෙන්ම අනතුරු වළක්වා ගැනීම සදහා විශේෂ වැඩපිළිවෙලක් ද පොලිසිය විසින් ක්‍රියාවට නංවා තිබෙනවා.
එමෙන්ම පාස්කු සතිය වෙනුවෙන් ආරක්ෂාව තරකර ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දූව මහතා වැඩිදුරටත් අවධාරණය කර සිටියා.