ජාතික ආරක්ෂාවට බලපාන මෙන්ම හමුදා නිලධාරීන්ගේ රහස්‍ය තොරතුරු මුදාහැරීම, අපහාසාත්මක, අසභ්‍ය, කාමුක දේශපාලනික කරුණු සමාජ මාධ්‍යය ජාලා ඔස්සේ මුදාහැරීම තහනම් කරමින් හමුදා මූලස්ථානය නියෝගයක් නිකුත් කර තිබෙනවා .
මේ නියෝගය ලබාදී ඇත්තේ පසුගිය 12 වැනිදා සිට ක්‍රියාත්මකවන වන ලෙසයි .
යුද හමුදා ප්‍රධාන සංඥා නිලධාරී මේජර් ජෙනරාල් එල්.ඩී. හේරත් විසින් නිකුත් කර ඇති නියෝගය මගින් සියලුම යුද හමුදා නිලධාරීන්ට හා සෙසු නිලයන්ට මෙම දැනුවත් කිරීම සිදු කර තිබෙනවා .
සමාජ ජාලා වෙබ් අඩවි භාවිතා කරන්නෙකු කිසිදු හේතුවක් මත ස්වකීය නිල අනන්‍යතා සහ තොරතුරු හෙළි නොකළ යුතු බවද මෙමගින් නියෝග කර ඇති බව සදහන් .