නුවරඑළිය ආර්ථික මධ්‍යස්ථානයෙන් දිවයිනේ පළාත් කිහිපයකට එළවළු කිලෝ අසූ අට දහසක ඉල්ලුමක් ලැබී ඇති බවත් එම ඉල්ලුම අනුව අද(13) දන එම එළවළු තොග දිවයිනේ පළාත් කිහිපයකට ප්‍රවාහනය කළ බවත් නුවරඑළිය ආර්ථික මධ්‍යස්ථානයේ කළමනාකාරවරයා පවසනවා.
මේ අනුව ගෝවා කිලෝවක් රුපියල් 210කටත් කැරට් කිලෝවක් රුපියල් 230කටත් ලීක්ස් කිලෝවක් රුපියල් 230කටත් රාබු කිලෝවක් රුපියල් 160කටත් බීට්රූට් කිලෝවක් රුපියල් 260කටත් බීට්රූට්/කට් රුපියල් 310කටත්, අර්තාපල් රු. 290, රතු අර්තාපල් රු. 260, නෝකෝල් රු. 230, සලාද රු. 550කටත් ඇතුළු චීන ආහාර සඳහා භාවිතා කරනු ලබන එළවළු වර්ග කිලෝ 88,000ක් යොමු කර තිබෙනවා.
එම එළවළු තොග ගාල්ල, මාතර, පිටිගල, කළුතර, අම්පාර, කාත්තන්කුඩි යන ප්‍රදේශවලට යොමු කළ බවයි නුවරඑළිය ආර්ථික මධ්‍යස්ථානයේ කළමනාකාරවරයා කියා සිටියේ.
නුවරඑළිය ආර්ථික මධ්‍යස්ථානයෙන් එළවළු තොග වෙළෙඳුන්ගෙන් ලැබෙන ඉල්ලුම් අනුව ගොවින්ගෙන් එළවළු මිලදී ගන්නා බවත් මේ දිනවල වෙළෙඳ පොලේ එළවළු සඳහා පවතින ඉල්ලුම අඩු වී බවත් නුවරඑළිය ආර්ථික මධ්‍යස්ථානයේ කළමනාකාරවරයා වැඩිදුරටත් කියා සිටියා.













