
ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ වාසනා හස්තියා, මින් ඉදිරියට මහනුවර දළදා පෙරහැර වැනි ප්‍රධාන පෙරහැර වලට පමණක් ලබා දීමට තීරණය කර තිබෙනවා ඒ එම දේවාලයේ බස්නායක නිලමේ තිළිණ මධුශංක මහතාගේ උපදෙස් මතයි.
ඒ අනුව, වෙනත් සාමාන්‍ය පෙරහැර සඳහා වාසනා හස්තියා ලබා නොදීමටයි තීරණය කර ඇත්තේ. මේ වන විට 58 වැනි වියෙහි පසුවන හස්තියාගේ සෞඛ්‍ය තත්ත්වයට ප්‍රමුඛතාවය ලබාදෙමින් මෙම තීරණයට එළැඹි බව සඳහන්.














