වීසා නොමැතිව නීති විරෝධී ලෙස කුවේට් රාජ්‍යයේ රැදී සිටි ශ්‍රී ලාංකික ගෘහ සේවක සේවිකාවන් 54 දෙනෙකු යලි මෙරටට පිටුවහල් කර තිබෙනවා.
අද උදෑසන 6.45 ට කුවේට් රාජ්‍යයේ සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් යානයකින් මොවුන් දිවයිනට පැමිණියා.
මෙම පිරිසෙන් වැඩි දෙනෙකු අනුරාධපුර දිස්ත්‍රික්කයේ පදිංචිකරුවන් වන අතර, සෙසු අය පොළොන්නරුව, මොණරාගල, ගාල්ල, මාතර ආදී දිස්ත්‍රික්කවල පදිංචිකරුවන් වනවා .
මොවුන් සිය ගිවිසුම්ගත රැකියා ස්ථාන වලින් පළා ගොස් දීර්ඝ කාලයක් කුවේට් රාජ්‍යයේ වෙනත් ස්ථාන වල වැඩි වැටුපකට රැකියා වල නිරත වී සිට පසුව ඇති වූ ගැටළු මත නැවත මෙරටට පැමිණීමේ අපේක්ෂාවෙන් සුරැකුම් මධ්‍යස්ථාන වල රැදී සිට ඇති බවයි වාර්තා වන්නේ.