අස්වැසුම සමාජ සුබ සාධක ප්රතිලාභ වැඩසටහනින් අසාධාරණයට ලක්වූ පිරිස් පිළිබඳ සොයා බැලීමට විශේෂඥ කමිටුවක් පත් කර තිබෙනවා.
විෂයභාර අමාත්‍ය විජිත හේරත් මහතාගේ උපදෙස් මතයි එම කමිටුව පත්කර ඇත්තේ.
සමාජ ආරක්ෂණ සහ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් රංජිත් ආරියරත්න මහතා සඳහන් කළේ සමෘද්ධිලාභීන් ලෙස ප්රතිලාභ ලබමින් සිටි, අස්වැසුම ප්රතිලාභ අහිමි වූ පුද්ගලයින් පිළිබඳව මෙහිදී සොයා බලන බවයි.