අද දිනයේ කොළඹ කොටස් වෙළෙඳපොළේ කටයුතු වරුවක් සදහා සීමා කර තිබෙනවා.
කොළඹ කොටස් හුවමාරුව නිවේදනයක් නිකුත් කරමින් සදහන් කළේ ඒ අනුව අද දහවල් 12ට කොටස් වෙළඳපොලේ කටයුතු නිම කරන බවයි.
වෙසක් පොහොය පසුදින සෙනසුරාදාට යෙදෙන බැවින් ඒ වෙනුවෙන් වරුවක නිවාඩුවක් කොටස් වෙළෙඳපොළේ කාර්යමණ්ඩලය වෙත අද දිනයේ ලබා දී ඇති බවද එම නිවේදනයේ වැඩිදුරටත් සදහන් කර තිබෙනවා.