සටන් කිරීම හැර වෙනත් විකල්පයක් නොමැති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන් විජේලාල් ද සිල්වා මහතා පවසනවා.
එමෙන්ම අතීතයේ මෙන් වර්තමානයේදීත් වර්ජනයට සහාය දක්වන බවයි ඔහු පැවසුවේ.
වැඩ වර්ජනය සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ශාන් විජේලාල් ද සිල්වා මහතා මේ බව පැවසුවා.
මේ අතර පෙරටුගාමි සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පැවසුවේ ජනතාවගේ පිඩාවන්ට එරෙහිව මෙම වැඩ වර්ජනය ආරම්භ වී ඇති බවයි.