වික්ටෝරියා ජලාශයට පැන තරුණියක සිය දිවි හානි කරගෙන තිබෙනවා.
මෙලෙස සිය දිවි හානි කරගෙන ඇත්තේ තෙල්දෙණිය රංගල ප්‍රදේශයේ පදිංචි 22 හැවිරිදි වියේ පසුවූ තරුණියක්.
ප්‍රේම සම්බන්ධතාවයක් මුල් කරගෙන තරුණිය සියදිවි හානි කරගන්නට ඇති බවට පොලීසිය සැක පල කර තිබෙනවා.
අතුරුදන් වූ තරුණියගේ සිරුර සොයා මේ වන විට නාවික හමුදාව විසින් සෝදිසි මෙහෙයුමක් ද ආරම්භ කර ඇති බව සඳහන්.





 


 







 
								