Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    නෙළුවේ සහ දැරණියගල පුද්ගල ඝාතන දෙකක්

    2026-02-21

    ශ්‍රී ලංකා කාන්තාවෝ කොදෙව් කාන්තාවන්ට එරෙහිව තියුණු ජයක් ලබයි

    2026-02-21

    ලොරියක් පෙරලී දෙදෙනකුට තුවාල

    2026-02-21
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • නෙළුවේ සහ දැරණියගල පුද්ගල ඝාතන දෙකක්
    • ශ්‍රී ලංකා කාන්තාවෝ කොදෙව් කාන්තාවන්ට එරෙහිව තියුණු ජයක් ලබයි
    • ලොරියක් පෙරලී දෙදෙනකුට තුවාල
    • T20 ලෝක කුසලානයේ සුපිරි අට වටයේ පළමු තරගය අද
    • සෝමාවතිය – සුංගාවිල මාර්ගය තාවකාලිකව වසා දමයි
    • මිලිමීටර් 100 වැඩි වැසි ඇදහැලෙන පැති මෙන්න
    • දිස්ත්‍රික්ක දෙකකට නායයාමේ අනතුරු ඇඟවීම්
    • විදේශිකයන් රැගත් බස් රථයක් අනතුරට ලක්වෙයි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සෙනසුරාදා, පෙබරවාරි 21
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » පුංචි ඡන්දය වෙනුවෙන් විපක්ෂය පෙරට

    පුංචි ඡන්දය වෙනුවෙන් විපක්ෂය පෙරට

    2022-12-13කියවීමට මිනිත්තු 2ක් ගතවේ.29 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීමට පියවර ගන්නා ලෙස මැතිවරණ කොමිසම වෙත නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් විසින් ශේෂ්ඨාධිකරණය වෙත රිට් පෙත්සම් දෙකක් ඉදිරිපත් කර තිබෙනවා.

    මේ අනුව එම එක් පෙත්සමක් ඉදිරිපත් කළේ සමගි ජන බලවේගය පක්ෂයේ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර සහ පාර්ලිමේන්තු මන්ත්‍රී, මහාචාර්ය ජී.එල්. පීරිස් යන මහත්වරුන් විසින්.

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර, විපක්ෂයේ ප්‍රධාන සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී, ලක්ෂ්මන් කිරිඇල්ල, දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ සුමන්දිරන්, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා යන මහත්වරුන් විසින් සෙසු පෙත්සම ඉදිරිපත් කර තිබෙනවා.

    එහි වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇත්තේ මැතිවරණ කොමිසමේ සභාපති නිමල් පුංචිහේවා මහතා සහ එහි සාමාජිකයින් සහ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතායි.

    පෙත්සම්කරුවන් පවසන්නේ පළාත් පාලන ආයතන 340 ක පමණ නිල කාලය ලබන වසරේ මාර්තු මස 19 වනදා අවසන්වීමට නියමිතව ඇති බවයි.

    ඒ අතර මහ නගර සභා 24 ක් ද නගර සභා 41 ක් සහ ප්‍රාදේශීය සභා 275 ක් තිබෙන බවද එම පෙත්සම්වල සඳහන්.

    නමුත් අදාළ පළාත් පාලන ආයතන සඳහා පළාත් පාලන ඡන්ද විමසීම් පනතේ ප්‍රතිපාදන ප්‍රකාරව ඡන්ද විමසීම් පැවැත්වීමට මැතිවරණ කොමිසම මෙතෙක් අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන නොමැති බවයි පෙත්සම්කාර පාර්ශව පෙන්වා දෙන්නේ.

    ජනමාධ්‍ය මගින් නිකුත් වන වාර්තා පිරික්සීමේදී අදාළ ඡන්ද විමසීම කල් දැමීමට මැතිවරණ බලධාරීන් මාන බලමින් සිටින බවක් පෙනී යන බවද එම පෙත්සම්වල දැක්වෙනවා.

    පළාත් පාලන මැතිවරණ පනතේ ප්‍රතිපාදනවලට අනුව යම් පළාත් පාලන ආයතනයක නව නිල කාලය ආරම්භ වීමට මාස හයකට පෙර ඊට අදාළ මැතිවරණය පැවැත්වීමට මැතිවරණ බලධාරීන් විසින් අවශ්‍ය කටයුතු ආරම්භ කළ යුතු බව දක්වා ඇතැයිද අදාළ පෙත්සම් මඟින් පෙන්වා දී තිබෙනවා.

    කෙසේ වෙතත් වග උත්තරකාර මැතිවරණ කොමිසමේ බලධාරීන් පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීමට අවශ්‍ය පියවර අනුගමනය නොකිරීම හේතුවෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ සහතික කර තිබෙන ජනතාවගේ සර්වජන ඡන්ද අයිතිය උල්ලංඝනය වීමක් සිදු වන බවයි පෙත්සම් මඟින් වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ.

    ආශ්‍රීත පුවත්:  පළාත් පාලන ඡන්ද විමසීමට අදාළ මුදල් ප්‍රතිපාදන සම්බන්ධයෙන් පෙත්සමක් ගොනුකරයි

    මේ අනුව ලබන වසරේ මාර්තු මස 20 වනදායින් ඇරඹෙන පළාත් පාලන ආයතන සඳහා වූ නව නිල කාලය උදෙසා වන ඡන්ද විමසීම පැවැත්වීමේ අභිලාෂය ප්‍රකාශයට පත්කරන ප්‍රකාශනයක් නිකුත් කරන ලෙස මැතිවරණ කොමිසමට නියෝගයක් නිකුත් කරන ලෙසයි පෙත්සම්කරුවන් අධිකරණයෙන් ඉල්ලා ඇත්තේ.

    මීට අමතරව පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීමට අවශ්‍ය සියලු පියවර ගන්නා ලෙස මැතිවරණ කොමිසමට නියෝගයක් නිකුත් කරන ලෙසද අදාළ පෙත්සම් වලින් තවදුරටත් ඉල්ලා තිබෙනවා.

    Local government polls samagi jana balawegaya
    පෙර පුව​තලාංකිකයන් නීති විරෝධීව විදෙස් රැකියා සඳහා යොමු කිරීමේ තවත් ජාවාරමක් හෙළිවෙයි
    ඊළඟ පුව​ත රජයේ ආධාර ගන්න ලක්ෂ 37ක් පෝලිමේ

    සබැ​ඳි පුවත්

    නෙළුවේ සහ දැරණියගල පුද්ගල ඝාතන දෙකක්

    ශ්‍රී ලංකා කාන්තාවෝ කොදෙව් කාන්තාවන්ට එරෙහිව තියුණු ජයක් ලබයි

    ලොරියක් පෙරලී දෙදෙනකුට තුවාල

    T20 ලෝක කුසලානයේ සුපිරි අට වටයේ පළමු තරගය අද

    සෝමාවතිය – සුංගාවිල මාර්ගය තාවකාලිකව වසා දමයි

    මිලිමීටර් 100 වැඩි වැසි ඇදහැලෙන පැති මෙන්න

    • අගමැතිණිය ඉවත් විය යුතුද? නැද්ද? | V OPEN MIC

      අගමැතිණිය ඉවත් විය යුතුද? නැද්ද? | V OPEN MIC

    • 21 එනවද? | නුගේගොඩ ජනතාවගේ අදහස් | V OPEN MIC

      21 එනවද? | නුගේගොඩ ජනතාවගේ අදහස් | V OPEN MIC

    • ජනපති අනුර ගේ මතට තිතට - මුළු රටම එකට | V Open Mic

      ජනපති අනුර ගේ මතට තිතට - මුළු රටම එකට | V Open Mic

    • ජනපති අනුරගේ ජනප්‍රියත්වය ?

      ජනපති අනුරගේ ජනප්‍රියත්වය ?

    • අද උසාවි එන රනිල් ගැන මිනිස්සු කියන කතා | V OPEN MIC | 2025.08.26

      අද උසාවි එන රනිල් ගැන මිනිස්සු කියන කතා | V OPEN MIC | 2025.08.26

    • ජනපති අනුර දැන් හොඳයිද? | ජනහඬ විමසන ජනමත විමසුම | V OPEN MIC

      ජනපති අනුර දැන් හොඳයිද? | ජනහඬ විමසන ජනමත විමසුම | V OPEN MIC

    එසැණ පුව​ත්

    නෙළුවේ සහ දැරණියගල පුද්ගල ඝාතන දෙකක්

    2026-02-21

    ශ්‍රී ලංකා කාන්තාවෝ කොදෙව් කාන්තාවන්ට එරෙහිව තියුණු ජයක් ලබයි

    2026-02-21

    ලොරියක් පෙරලී දෙදෙනකුට තුවාල

    2026-02-21

    T20 ලෝක කුසලානයේ සුපිරි අට වටයේ පළමු තරගය අද

    2026-02-21
    ක්‍රීඩා පුවත්

    ශ්‍රී ලංකා කාන්තාවෝ කොදෙව් කාන්තාවන්ට එරෙහිව තියුණු ජයක් ලබයි

    2026-02-21

    T20 ලෝක කුසලානයේ සුපිරි අට වටයේ පළමු තරගය අද

    2026-02-21

    T20 ලෝක කුසලානයේ පළමු වටයේ අවසන් තරගය අද

    2026-02-20
    • කෙහෙළිය CID අත්අඩංගුවට |  ප්‍රමිතියෙන් තොර එන්නත් ගෙන්වීම පිළිබඳ පැය දහයක ප්‍රකාශයක්

      කෙහෙළිය CID අත්අඩංගුවට | ප්‍රමිතියෙන් තොර එන්නත් ගෙන්වීම පිළිබඳ පැය දහයක ප්‍රකාශයක්

    • අපි පරදින සන්ධාන හදන්නෙ නෑ පි හැදුවොත් දිනන්නම තමයි මෙන්න මෛත්‍රී ගහපු රියල් ගේම් එක

      අපි පරදින සන්ධාන හදන්නෙ නෑ පි හැදුවොත් දිනන්නම තමයි මෙන්න මෛත්‍රී ගහපු රියල් ගේම් එක

    • මල්ලිලා දෙන්නෙක් හොර සල්ලි දෙනවා  ඔබත් අවධානයෙන් සිටින්න

      මල්ලිලා දෙන්නෙක් හොර සල්ලි දෙනවා ඔබත් අවධානයෙන් සිටින්න

    • රනිල්ට මොකක්ද හත්වලාමේ කරලා තියෙන්නේ පොලිසියත් අන්ද මන්ද වෙයි

      රනිල්ට මොකක්ද හත්වලාමේ කරලා තියෙන්නේ පොලිසියත් අන්ද මන්ද වෙයි

    • අද ඉන්නේ රූකඩ ජනාධිපතිවරයෙක් , රට මුදවාගන්න හැමෝම එකතුවෙමු

      අද ඉන්නේ රූකඩ ජනාධිපතිවරයෙක් , රට මුදවාගන්න හැමෝම එකතුවෙමු

    • වහාම ගුරුවරුන්ට යුක්තිය ඉටු කරන්නපොරොන්දු ඉටු කරන්න... තාම ඉටුකරලා නෑනැත්නම් අර්බුදය තවත් උත්සන්න

      වහාම ගුරුවරුන්ට යුක්තිය ඉටු කරන්නපොරොන්දු ඉටු කරන්න... තාම ඉටුකරලා නෑනැත්නම් අර්බුදය තවත් උත්සන්න

    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group