බස්නාහිර පළාත කේන්ද්‍ර කරගනිමින් මේ සතියේ සහ එළඹෙන සතිය තුළ විශේෂ ඩෙංගු මර්දන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට නියමිත බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා .
එහි ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය ලහිරු කොඩිතුවක්කු මහතා සඳහන් කළේ, ජාතික මට්ටමින් සහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල මට්ටමින් මෙම මර්ධන ව්‍යාපාරය ක්‍රියාත්මක බවයි.
මෙම මස මේ දක්වා කාලය තුළ මෙරටින් ඩෙංගු රෝගින් 7069 දෙනෙකු වාර්තා වී ඇතැයි, ජාතික ඩෙංගු මර්ධන ඒකකය පවසනවා .
ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 46,473 ක්.
දිස්ත්‍රික්ක 06 ක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාශ 67 ක් තවදුරටත් ඩෙංගු අධිඅවදානම් තත්වයේ පවතින බව ජාතික ඩෙංගු මර්දන ඒකකය කියා සිටියා .
එම තත්ත්වය පවතින්නේ ගම්පහ , කොළඹ , කළුතර , මහනුවර , කුරුණෑගල සහ පුත්තලම යන දිස්ත්‍රික්කවලයි.