
ජල සම්පාදන මණ්ඩලයට අයත් මීසාලේ ජල පිරිපහදු ආයතනයෙහි කේබල් සොරකම් කිරීමක් සම්බන්ධයෙන් පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ පුද්ගලික අංශයේ ආරක්ෂකයෙකු ලෙස එම ආයතනයේ සේවය කළ පුද්ගලයෙකු හා සොර බඩු ලඟ තබා ගැනීමට සම්බන්ධ තවත් පුද්ගලයෙක්. සැකකරුවන් 23 හා 43 වයස්වල පසුවන අතර ඔවුන් නිර්වේලි හා කොටගල ප්රදේශ වල පදිංචිකරුවන් වන බවයි වාර්තා වන්නේ.














