කාසල්රි ජලාශයට තිලාපි සහ කැට්ලා මත්ස්‍ය ඇගිල්ලන් ලක්ෂයක් මුදා හැරිම ඊයේ සිදු කෙරුනා.
මධ්‍යම පළාත් සභාවේ මුල්‍ය ප්‍රතිපාදන මත නුවරඑලිය මිරිදිය මත්ස්‍ය අභිජනන මධ්‍යස්ථානයේ අභිජනනය කරන ලද මත්ස්‍ය ඇගිල්ලන් ලක්ෂයක් මෙසේ කාසල්රි ජලාශයට මුදා හැරුණා.
කාසල්රි ජලාශයේ ධිවරයන්ගේ ආදායම් තත්ත්වය ඉහල දැමිමට සහ වතු ආශ්රිත ජනතාවගේ ප්‍රෝටීන් ඌණතාවය ඉහල දැමිම සදහා මත්ස්‍ය ඇගිල්ලන් ජලාශවලට මුදා හැරි බවයි මධ්‍යම පළාත් මිරිදිය ධිවර සංවර්ධන අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂක නිශ්ශංක ප්‍රේමලාල් මහතා සඳහන් කලේ.