රුහුණු මහ කතරගම දේවාලයේ ඇසළ පෙරහැර අද ආරම්භ වීමට නියමිතයි. එය ලබන මස 4 වනදා දක්වා පැවැත්වීමටයි කටයුතු යොදා ඇත්තේ.
එමෙන්ම වගකීමෙන් යුතුව නිසි පරිදි කසළ බැහැර කරන ලෙස රුහුණු මහ කතරගම දේවාලයේ ඇසළ උත්සවයට සහභාගිවීම සඳහා පැමිණෙන බැතිමතුන්ගෙන් මධ්‍යම පරිසර අධිකාරිය ඉල්ලීමක් කරනවා.
මෙම කාලසීමාව තුළ බැතිමතුන් ලක්ෂ 15 කට ආසන්න පිරිසක් කතරගමට පැමිණෙන බව සඳහන්.
අක්‍රමවත් කසළ බැහැරකිරීම හේතුවෙන් කතරගම නගරය, පූජා භූමිය සහ මැණික් ගඟ ආදී ප්‍රදේශවල ඝන අපද්‍රව්‍ය ටොන් 1,700 ක් පමණ එක්රැස්වන බවයි මධ්‍යම පරිසර අධිකාරිය පෙන්වා දෙන්නේ.
මෙම තත්වය පාලනයට කතරගම දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සහ පෙරහැර කමිටුව සමඟ ඒකාබද්ධව මධ්‍යම පරිසර අධිකාරිය විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කරනු ලබනවා.
උණුසුම් පුවත්
- නවසීලන්ත ශ්‍රී ලංකා තීරණාත්මක තරගය අද
- ජනවාරි මාසයේ අපනයන ආදයම වාර්තා ගත ලෙස ඉහළට
- විදුලි ගාස්තු සංශෝධනය සදහා මහජන අදහස් විමසීම අද සිට
- ප්‍රදේශ රැසකට අද පස්වරුවේ වැසි
- ශ්‍රී පාද වන්දනාවේ පැමිණ ආපසු යමින් තිබු මෝටර් රථයක් අනතුරට
- ලිදුල අග්‍රාඔය යකඩ පාලම කැඩී යෑමෙන් පවුල් 800ක් පමණ දැඩි ලෙස පීඩාවට
- ඉදිරි පැය 36ට කාලගුණ තත්ත්වය
- කොළඹට විශේෂ රථ වාහන සැලස්මක්












