ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රි කණ්ඩායම අතර විශේෂ හමුවක් අද පැවැත්වුනා.
අද පස්වරු 5.30ට ජනාධිපති කාර්යාලයේදී එම හමුව පැවැත්වූ බව සඳහන් .
රටේ වත්මන් ආර්ථික සහ දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමේ අරමුණින් එම හමුව කැඳවා තිබෙනවා .
ඊට අමතරව ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ට සහ අමාත්‍යවරුන්ට සිය කටයුතුවලදී පැන නගින ගැටලු පිළිබඳව එහිදී වැඩි අවධානයක් යොමු කිරීමට නියමිතයි.
පවතින ගැටලු සමතයකට පත් කර 113ක බහුතර බලය ආරක්ෂා කරගනිමින් ආණ්ඩුවේ ඉදිරි කටයුතු ශක්තිමත්ව ඉදිරියට ගෙන යාම, සාකච්ජාවේ තවත් අරමුණක් බවයි ජ්‍යෙෂ්ඨ රාජ්‍ය අමාත්‍යවරයකු පැවසුවේ .