ජූලි මස 01දා සිට 07දා දක්වා තරුණ කෘෂි ව්‍යවසායකත්ව ගම්මාන වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමේ ජාතික සතියක් ප්‍රකාශයට පත් කිරීමට රජය තීරණය කර තිබෙනවා.
කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කරන්නේ ඉදිරි මහ කන්න දෙකක් සඳහා වී වගාවට අවශ්‍ය බන්ඩි පොහොර ගොවින් වෙත නොමිලේ ලබා දීමටද තීරණය කර ඇති බවයි.
‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ යන මැයෙන් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් අමත්‍යවරයා මෙම අදහස් පල කලා.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා සඳහන් කලේ දිවයිනේ දිස්ත්‍රික්ක 25 ආවරණය වන පරිදි ගම්මාන 160ක් තෝරාගෙන තරුණ කෘෂි ව්‍යවසායකත්ව ගම්මාන ලෙස ව්‍යාපෘති ආරම්භ කිරීමට මේ වනවිට සියලූ කටයුතු සූදානම් කර ඇති බවයි.
එහි පළමු අදියර වශයෙන් සෑම ගමකම ව්‍යාපෘති ආරම්භ කිරීම සඳහා රුපියල් මිලියන 10 බැගින් ලබා දීමටද තීරණය කර ඇති බවයි ඒ මහතා සඳහන් කලේ.
උණුසුම් පුවත්
- කඳුකරයේ රක්ෂිතවලට ගිනිතැබීම් ඉහළට
- කෙරවලපිටිය අධිවේගී පිවිසුම ආසන්නයේ ගින්නක්
- විදුලි සේවකයන් පැය 6ක සංඛේත වර්ජනයකට
- අද දවසේ කාලගුණ තත්ත්වය
- නුවරඑළියේදී වාහන 73ක් තාවකාලිකව ධාවනයෙන් ඉවතට
- රටේ සියලුම පුරවැසියන්ට එක සමානව නීතිය ක්‍රියාත්මක කළ යුතුයි – සුනිල් වටගල කියයි
- රුසියානු – යුක්‍රේන යුද්ධය සම්බන්ධ යෝජනාවකට ශ්‍රී ලංකාව ප්‍රතිචාර දැක්වීමෙන් වළකියි
- දකුණු පළාත් නව ආණ්ඩුකාරවරයා සිය ධුරයේ වැඩ අරඹයි














