ජාතික ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ජනපති අපේක්ෂකයා වශයෙන් හිටපු අමාත්‍ය විජයදාස රාජපක්ෂ අද ඇප තැම්පත් කරනු ලැබුවා.
ඒ රාජගිරියේ පිහිටි මැතිවරණ කොමිෂන් සභා කාර්යාලයේදී යි.
ඒ අනුව මේ වනවිට ජනාධිපතිවරණය වෙනුවෙන් අද තැන්පත් කර ඇති අපේක්ෂකයින් සංඛාව 7ක්.
මැතිවරණ කොමිසම නිවේදනය කළේ ඊයේ දිනයේදී අපේක්ෂකයින් දෙදෙනෙකු ඇප මුදල් තැන්පත් කර ඇති බවයි.
සමගි ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ද ජාතික සංවර්ධන පෙරමුණේ අපේක්ෂකයා ලෙස පී.ඩබ්ලිව්.එස්.කේ බණ්ඩාරනායක මහතා ද ඊයේ දිනයේ ඇප මුදල් තැන්පත් කරනු ලැබුවා.
ජනාධිපතිවරණයේ නාම යෝජනා භාර ගැනිම මස 15 වනදා සිදුකිරීමට නියමිතයි.