පාතාල ක්‍රියාකාරකම් මර්ධනය කිරීමේ විශේෂ මෙහෙයුමක් අද සිට ආම්භ කරන බව පොලිසිය පවසනවා.
පොලිස්පතිවරයාගේ සහ පොලිස් විශේෂ කාර්ය බලකායේ අණ දෙන නිලධාරියාගේ සෘජු අධික්ෂණයට යටතේයි මෙම මෙහෙයුම සිදුවන්නේ.
බස්නාහිර සහ දකුණු පළාත කේන්ද්‍රකර ගනිමින් අද සිට නව මෙහෙයුම ආරම්භ කිරීමට නියමිතයි.
සන්නද්ධ ප්‍රහාරක පොලිස් බළඇණි 20 ක් මෙහෙයුමට එක්කර ඇති බවයි පොලිසිය සදහන් කළේ.
ඇතැම් පොලිස් ස්ථානාධිපතිවරුන් පාතාල කල්ලි වලට බියක් දැක්වීම හා තවත් පිරිසක් සංවිධනාත්මක කණ්ඩායම් සමඟ සබඳතා පවත්වාගෙන යාම හේතුවෙන් අපරාධවල ඉහළ යාමක් සිදුව ඇති බවයි වාර්තා වන්නේ.
ඒ අනුව සංවිධනාත්මක අපරාධ කණ්ඩායම් මර්දනය කිරීමට අපොහොසත්වූ ප්‍රදේශ 62ක ස්ථානාධිපතිවරුන්ට එරෙහිව පොලිස්පතිවරයා විසින් රතු නිවේදන නිකුත්කර තිබෙනවා .
උණුසුම් පුවත්
- මාවනැල්ල ත්‍රිපුද්ගල ඝාතනය : මහේස්ත්‍රාත්වරිය ස්ථානය පරීක්ෂණය සිදුකරයි
- මතුගම ප්‍රාදේශීය සභාවේ සභාපති රිමාන්ඩ්
- අධ්‍යාපන අමාත්‍යංශයේ තීරණය ගැන ස්ටාලින්ගෙන් ප්‍රකාශයක්
- ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 75 ඉක්මවූ වැසි
- පාසල් කාලය සම්බන්ධයෙන් දැනුම් දීමක්
- මහනුවර අනවසර පදික වෙළෙඳුන් ඉවත් කෙරේ
- බල්ගේරියාවේ යුරෝ මුදල් භාවිතය ඇරඹෙයි
- සංක්‍රමණිකයින් 200 ක් රැගත් බෝට්ටුවක් පෙරළි යයි













