පාතාල ක්‍රියාකාරකම් මර්ධනය කිරීමේ විශේෂ මෙහෙයුමක් අද සිට ආම්භ කරන බව පොලිසිය පවසනවා.
පොලිස්පතිවරයාගේ සහ පොලිස් විශේෂ කාර්ය බලකායේ අණ දෙන නිලධාරියාගේ සෘජු අධික්ෂණයට යටතේයි මෙම මෙහෙයුම සිදුවන්නේ.
බස්නාහිර සහ දකුණු පළාත කේන්ද්‍රකර ගනිමින් අද සිට නව මෙහෙයුම ආරම්භ කිරීමට නියමිතයි.
සන්නද්ධ ප්‍රහාරක පොලිස් බළඇණි 20 ක් මෙහෙයුමට එක්කර ඇති බවයි පොලිසිය සදහන් කළේ.
ඇතැම් පොලිස් ස්ථානාධිපතිවරුන් පාතාල කල්ලි වලට බියක් දැක්වීම හා තවත් පිරිසක් සංවිධනාත්මක කණ්ඩායම් සමඟ සබඳතා පවත්වාගෙන යාම හේතුවෙන් අපරාධවල ඉහළ යාමක් සිදුව ඇති බවයි වාර්තා වන්නේ.
ඒ අනුව සංවිධනාත්මක අපරාධ කණ්ඩායම් මර්දනය කිරීමට අපොහොසත්වූ ප්‍රදේශ 62ක ස්ථානාධිපතිවරුන්ට එරෙහිව පොලිස්පතිවරයා විසින් රතු නිවේදන නිකුත්කර තිබෙනවා .
උණුසුම් පුවත්
- වසර ගණනක් හැටන් මත් කළ කතක් රක්ෂිත බන්ධනාගරයට
- අල්ලස් කොමිසමේ විමර්ශන දේශපාලන දඩයමක් !
- සිංගිමලේ රක්ෂිතයේ අක්කර ගණනාවක් ගින්නෙන් විනාශයි
- ජින්තුපිටියේ වෙඩිල්ලේ වෙඩික්කරුවෙක් උඩවලවෙන් මාට්ටු
- උතුරු පළාතට සහ අනුරාධපුර සහ ත්‍රීකුණාමල දිස්ත්‍රික්කවලට විශේෂ නිවේදනයක්
- නාගදීපය ප්‍රදේශයේ පුද්ගල ඝාතනයක්
- මහින්දානන්ද සහ නලීන් හිටපු ඇමැතිවරුන්ගේ අභියාචනා විභාගය හෙටට කල් යයි














