අනවශ්‍ය ලෙස මුදල් මුද්‍රණය කිරීම මේ වන විට පාලනය කර ඇති බව මහබැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා පවසනවා.
අධික ලෙස උද්ධමනය ඉහළ යාම සිදු වූයේ ද අනවශ්‍ය ලෙස මුදල් මුද්‍රණය කිරීම හේතුවෙන් බවටයි ඒ මහතා අවධාරණය කර සිටියේ.
මහබැංකු අධිපතිවරයා මෙම අදහස් දැක්වීම සිදු කළේ ණය ප්‍රතිව්‍යූහගතකිරීම පිළිබදව ජනාධිපති මාධ්‍ය අංශය සිදු කළ විශේෂ සාකච්ඡාවකට එක්වෙමින්.
මේ, එම අවස්ථාවට එක්ව සිටි මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා ණය ප්‍රතිව්‍යූහගතකරණය පිළිබදව දැක්වූ අදහස්.