
ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ නව පනත් කෙටුම්පත මේ වනවිට ගැසට් කර තිබෙනවා. අදාළ ගැසට් පත්‍රය පළකර ඇත්තේ, අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යවරයාගේ නියමය පරිදියි. 1979 අංක 48 දරණ ත්‍රස්තවාදය වැළැක්වීමේ තාවකාලික විථිවිධාන පනතේ පවතින අඩුපාඩු ආවරණය වන පරිදි නව නීතියක් හඳුන්වා දීම සඳහායි මෙම නව පනත් කෙටුම්පත සකසා තිබෙන්නේ.














