පවතින හිග බඳු මුදල් නොවැම්බර් 30 වන දිනට ගෙවා අවසන් කරන ලෙස සියලුම සුරාසැල් හිමියන්ට දැනුම් දී ඇති බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසනවා.
සුරාබදු කොමසාරිස් එම්.ජේ ගුණසිරි මහතා පැවසුවේ එලෙස ගෙවීම් සිදුනොකරන සුරාසැල්වල බලපත්ර අහෝසි කිරීමට පියවර ගන්නා බවයි.
නව සුරාසැල් සදහා බලපත්ර නිකුත් කිරීම සම්බන්ධයෙන් එල්ල වන චෝදනා ප්රතික්ෂේප කරන බවයි සුරාබදු කොමසාරිස්වරයා සදහන් කළේ.