Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    කොත්මලේ ජල පෝෂක ප්‍රදේශ වෙත තද වැසි

    2026-08-03

    පාකිස්ථානයේ මරාගෙන මැරෙන ප්‍රහාරයකින් 14 ක් ජීවිතක්ෂයට

    2026-08-03

    විනිසුරුවරුන්ගේ විශ්‍රාම යාමේ වයස දීර්ඝ කිරීමට නීතිපතිගේ අනුමැතිය

    2026-08-03
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • කොත්මලේ ජල පෝෂක ප්‍රදේශ වෙත තද වැසි
    • පාකිස්ථානයේ මරාගෙන මැරෙන ප්‍රහාරයකින් 14 ක් ජීවිතක්ෂයට
    • විනිසුරුවරුන්ගේ විශ්‍රාම යාමේ වයස දීර්ඝ කිරීමට නීතිපතිගේ අනුමැතිය
    • ඩෙංගු රෝගීන් සංඛ්‍යාව තවදුරටත් ඉහළට
    • නිසල අරනේ වෙඩික්කරු අත්අඩංගුවට
    • බස් රථ දෙකක් ගැටීමෙන් බිහිසුණු අනතුරක්
    • මහර ගැටුම සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිසමෙන් විමර්ශනයක්
    • පසුගිය පැය 24 තුල සැලකිය යුතු වර්ශාපතනයක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සඳුදා, අගෝස්තු 3
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » විශේෂ යාත්‍රා බලඝණ පුහුණුව සාර්ථකව සම්පූර්ණ කළ නව සාමාජිකයන් 21 ක් වෙත ලාංඡන පළඳවයි

    විශේෂ යාත්‍රා බලඝණ පුහුණුව සාර්ථකව සම්පූර්ණ කළ නව සාමාජිකයන් 21 ක් වෙත ලාංඡන පළඳවයි

    2024-03-28කියවීමට මිනිත්තු 2ක් ගතවේ.0 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ශ්‍රී ලංකා නාවික හමුදාවේ විශේෂ යාත්‍රා බලඝණයේ පුහුණුව සාර්ථකව සම්පූර්ණ කළ නාවිකයන් විසි එක් දෙනෙක් (21) විසිර යාම හා ලාංඡන පැළඳවීම, එම බලඝණයේ අණදෙන නිලධාරි, කපිතාන් ධර්මසිරි හේරත් ගේ ආරාධනයෙන්, නැගෙනහිර නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් සුරේෂ් ද සිල්වා ගේ ප්‍රධානත්වයෙන් 2023 මාර්තු 27 ත්‍රිකුණාමලය, නාවික තඨාකාංගනයේ විශේෂ යාත්‍රා බලඝණ මූලස්ථානයේදී සිදු කෙරිණි.

    විශේෂ යාත්‍රා බලඝණ පුහුණුව සඳහා ස්වකැමැත්තෙන් අනුයුක්ත වී, 31 වන බඳවා ගැනීමේ පුහුණු පාඨමාලාව සාර්ථකව අවසන් කිරීමට සමත් වූ සාමාජිකයන් වෙත අභිමානවත් විශේෂ යාත්‍රා බලඝණ ලාංඡනය පැළඳවීම සහ මෙම අති දුෂ්කර වූ පුහුණුව තුළ සුවිශේෂි කුසලතා දැක් වූ නාවික පුද්ගලයන් හට කුසලාන ප්‍රදානය කිරීම ප්‍රධාන ආරාධිතයා විසින් සිදු කෙරිණි.

    මෙහිදී පුහුණුව සාර්ථකව සම්පූර්ණ කළ නාවිකයන් ඇමතූ නැගෙනහිර නාවික විධානයේ ආඥාපති, රියර් අද්මිරාල් සුරේෂ් ද සිල්වා, ඉතාමත් දුශ්කර පාඨමාලාවක් සාර්ථකව සම්පූර්ණ කර අභිමානවත් විශේෂ යාත්‍රා  බලඝණ ලාංඡනය පැළඳි නාවිකයන් වෙත ප්‍රථමයෙන් සිය සුභාශිංෂණ පිරිනමන බව ප්‍රකාශ කරන ලදි. තවද, රට වෙනුවෙන් සේවය කිරීම සඳහා තම දරුවන් නාවික හමුදාවට භාරදුන් විශේෂ යාත්‍රා  බලඝණ ලාංඡනය පැළඳි නාවිකයන්ගේ ආදරණීය දෙමාපියන් වෙත සිය කෘතඥතාවය පලකිරීමට ද එහිදී නැගෙනහිර නාවික විධානයේ ආඥාපති විසින් කටයුතු කෙරිණි.

    එමෙන්ම, එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඔහු, දූපත් රාජ්‍යයක් වන ශ්‍රී ලංකාවේ නොගැඹුරු මුහුදු කාලපයේ උපායමාර්ගික වශයෙන් විශේෂ පුහුණුවක් ලද කණ්ඩායම් යෙදවීමේ අවශ්‍යතාවය සැලකිල්ලට ගනිමින් 1993 වර්ෂයේදී විශේෂ යාත්‍රා බලඝණය ආරම්භ වූ බවත්, විශේෂ යාත්‍රා බලඝණය අද පවත්නා තත්වයට ක්‍රමිකව වර්ධනය වීම සඳහා ආරම්භයේ සිට විවිධ වකවානුවල එම බලඝණයට අණදුන් අණදෙන නිලධාරීන්, නිලධාරීන් සහ නාවිකයින්ගේ දැඩි උනන්දුව හා කැපවීම තීරණාත්මක සාධකයක් වූ බවත් පවසන ලදි.

    තවද, මෙම අවස්ථාව සඳහා ධජ නිලධාරී නාවික දියත් විධානය රියර් අද්මිරාල් චන්දිම සිල්වා ඇතුළු නාවික හමුදා මූලස්ථානයේ සහ නැගෙනහිර නැගෙනහිර නාවික විධානයේ ජ්‍යේෂ්ඨ හා කණිෂ්ඨ නිලධාරීන්, ආරාධිතයන් මෙන්ම අද දින ලාංඡන පැළඳි නාවික පුද්ගලයන්ගේ දෙමව්පියන් පිරිසක්ද සහභාගී වී සිටියහ.

    ආශ්‍රීත පුවත්:  ළමා හිංසනය පිළිබද පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට
    Sri Lanka
    පෙර පුව​තශ්‍රී ලංකා ආර්ථිකය ශක්තිමත් කිරීමට චීන රජයේ සහය
    ඊළඟ පුව​ත රාජ්‍ය වෙසක් උත්සවයට සමගාමීව මහනුවරත් වෙසක් කලාපයක්

    සබැ​ඳි පුවත්

    කොත්මලේ ජල පෝෂක ප්‍රදේශ වෙත තද වැසි

    පාකිස්ථානයේ මරාගෙන මැරෙන ප්‍රහාරයකින් 14 ක් ජීවිතක්ෂයට

    විනිසුරුවරුන්ගේ විශ්‍රාම යාමේ වයස දීර්ඝ කිරීමට නීතිපතිගේ අනුමැතිය

    ඩෙංගු රෝගීන් සංඛ්‍යාව තවදුරටත් ඉහළට

    නිසල අරනේ වෙඩික්කරු අත්අඩංගුවට

    බස් රථ දෙකක් ගැටීමෙන් බිහිසුණු අනතුරක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    කොත්මලේ ජල පෝෂක ප්‍රදේශ වෙත තද වැසි

    2026-08-03

    පාකිස්ථානයේ මරාගෙන මැරෙන ප්‍රහාරයකින් 14 ක් ජීවිතක්ෂයට

    2026-08-03

    විනිසුරුවරුන්ගේ විශ්‍රාම යාමේ වයස දීර්ඝ කිරීමට නීතිපතිගේ අනුමැතිය

    2026-08-03

    ඩෙංගු රෝගීන් සංඛ්‍යාව තවදුරටත් ඉහළට

    2026-08-03
    ක්‍රීඩා පුවත්

    නිසල අරනේ වෙඩික්කරු අත්අඩංගුවට

    2026-08-03

    හෙල්ල විසි කිරීමේ ශුර රුමේෂ් ලක්මව යලිත් රනින් බබලවයි

    2026-08-01

    ගෝල් ගැලන්ට්ස් LPL තරගාවලියේ පෙරමුණට

    2026-07-27
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group