පසුගිය පැය 24 තුල දිවයිනේ විවිධ ප්‍රදේශ වල සිදු වූ රිය අනතුරු වලින් පුද්ගල මරණ 6 ක් සිදුව තිබෙනවා.
පොලිස් මාධ්‍ය කොට්ඨාසය සදහන් කළේ ඒ අතර 11 හැවිරිදි දරුවකුද සිටින බවයි.
ඊයේ රාත්‍රියේ කළුතර වෙට්ටුමකඩ හන්දියේදී ලොරි රථයක ගැටී මෙම දරුවා ජීවිතක්ශයට පත්ව තිබුණා.
පනාගො යුධ හමුදා ඉංජිනේරු කදවුර අසලදී යතුරු පැදියක් පාලනය කර ගත නොහැකිව මාර්ගයේ ලිස්සා යාමෙන් අනතුරක් සිදුව තිබුණා.
අනතුරින් බරපලත තුවාල ලැබූ පැදිකරු හෝමාගම රෝහලට ඇතුලත් කර ඇති අතර එහිදී ඔහු ජීවිතක්ශයට පත්ව තිබුණා.
මෙලෙස ජීවිතක්ශයට පත්ව ඇත්තේ 62 හැවිරිදි බෝමිරිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
බෝගස්වැව ප්‍රදේශයේ ත්‍රීරෝද රථයක් පෙරළී යාමෙන් සිදු වූ අනතුරකින් 65 හැවිරිදි එහි රියදුරු ජීවිතක්ශයට පත්ව තිබුණා.
මේ අතර මැදවච්චිය ප්‍රදේශයේ ත්‍රී රෝද රථයක් සහ ලොරි රථයක් ගැටී අනතුරක් සිදුව තිබෙනවා.
එම අනතුරින් 49 හැවිරිදි ත්‍රීරෝද රථයේ පිටුපස ගමන් කළ කාන්තාව ජීවිතක්ශයට පත්ව තිබුණා.
මේ අතර හම්බන්තොට කැලිගම හන්දියේදී ට්‍රැක්ටර් රථයක් සහ පාපැදියක් ගැටී අනතුරක් සිදුව තිබුණා.
එම අනතුරින් පාපැදියේ ගමන් ගත් 79 හැවිරිදි පුද්ගලයා ජීවිතක්ශයට පත්ව ඇති බවයි පොලීසිය සදහන් කළේ.
මේ අතර වාකරේ ප්‍රදේශයේ යතුරුපැදියක් පෙරළීයාමෙන් සිදු වූ අනතුරකින් 69 හැවිරිදි යතුරුපැදිකරු ජීවිතක්ශයට පත්ව තිබෙනවා.ඩ













