Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද එංගලන්තයට

    2026-09-05

    වැලිඔය ප්‍රියන්තගේ ගෝලයෙකු අත්අඩංගුවට

    2026-09-05

    අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

    2026-09-05
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද එංගලන්තයට
    • වැලිඔය ප්‍රියන්තගේ ගෝලයෙකු අත්අඩංගුවට
    • අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට
    • ටී 56 ගිනි අවියක් සමඟ පාර්සලයක් මහකනදරාව වැව් බැම්මෙන් හමුවෙයි
    • ඕමානයේ මිය ගිය ලාංකිකයින් වෙනුවෙන් වන්දි ලබා දෙයි
    • ගෑස් මිල පහතට
    • ප්‍රදේශ කිහිපයකට අද පස්වරුවේදී තද වැසි
    • විදුලි කප්පාදුවක් සිදු නොවන බව බලශක්ති ඇමති කියයි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සෙනසුරාදා, සැප්තැම්බර් 5
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » වනිඳු යළිත් තහනම් වෙයි

    වනිඳු යළිත් තහනම් වෙයි

    2024-03-20කියවීමට මිනිත්තු 2ක් ගතවේ.44 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක වනිදු හසරංගට යළිත් තරග තහනමක් පැනවීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය පියවර ගෙන තිබෙනවා.

    ඒ, බංග්ලාදේශය සමග පැවැති තෙවැනි එක්දින ක්‍රිකට් තරගයේ දී ඔහු අයි.සී.සී විනය නීති සංග්‍රහය උල්ලංඝනය කරමින් හැසිරීම හේතුවෙන්.

    විනිසුරු තීරණයකට විරුද්ධත්වය ප්‍රකාශ කරමින් ඔහු විසින් අයි.සී.සී විනය නීති සංග්‍රහයේ 2.8 වගන්තිය උල්ලංඝනය කර ඇති බවයි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය නිවේදනය කළේ.

    බංග්ලාදේශ ඉනිමේ 37 වැනි පන්දුවාරයේ දී හසරංග විසින් විනිසුරුවරයකුගෙන් සිය හිස්වැසුම උදුරා ගැනීමක් සිදු කළ බවත්, ඉන් විනිසුරුවරයා සමච්චලයට ලක් කිරීමක් සිදුව ඇති බවත් අයි.සී.සීය පෙන්වා දෙනවා.

    මෙම වරද හේතුවෙන් ඔහුගේ විනය වාර්තාවට දඩුවම් ලකුණු 3ක් පනවා ඇති අතර, තරග ගාස්තුවෙන් සියයට 50ක දඩ මුදලක් ද ඔහුට නියම කර තිබෙනවා.

    ඒ අනුව මාස 24 ක් තුළ ඔහුගේ දඩුවම් ලකුණු ප්‍රමාණය 8 ක් දක්වා ඉහළ ගොස් ඇති බැවින් ඔහුට එරෙහිව ටෙස්ට් තරග දෙකක හෝ එක්දින තරග 4ක හෝ විස්සයි 20 තරග 4ක තහනමක් පැනවීමට සිදු වනවා.

    ඒ අනුව ඔහුට බංග්ලාදේශය සමග පැවැත්වීමට නියමිත තරග දෙකකින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වන බවයි අයි.සී.සීය සදහන් කළේ.

    මේ අතර ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් කණ්ඩායමේ නායක කුසල් මෙන්ඩිස්ට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය විසින් දඩ නියම කිරීමක් සිදු කර තිබෙනවා.

    ඒ, බංග්ලාදේශය සමග පැවැති තෙවැනි එක්දින ක්‍රිකට් තරගයේ දී අයි.සී.සී විනය නීති සංග්‍රහය උල්ලංඝනය කරමින් හැසිරීම හේතුවෙන්.

    මෙන්ඩිස් විසින් විනය නීති සංග්‍රහයේ 2.13 වගන්තිය උල්ලංඝනය කරමින් දෙවැනි මට්ටමේ වරදක් සිදු කර ඇති බවයි අයි.සී.සීය නිවේදනය කළේ.

    තරගයෙන් අනතුරුව විනිසුරුවරුන්ට අතට අත ලබා දීමේ දී මෙන්ඩිස් විසින් විනිසුරුවන්ට සිය අප්‍රසාදය පල කර ඇති බව සදහන්.

    ඒ අනුව ඔහුට තරග ගාස්තුවෙන් සියයට 50ක දඩ මුදලක් හා ඔහුගේ විනය වාර්තාවට දඩුවම් ලකුණු 3ක් පනවා තිබෙනවා.

    ආශ්‍රීත පුවත්:  අෂ්රෆ් අනුස්මරණ කෞතුකාගාරයේ ඉදිකිරීම් කඩිනමින් ඇරඹීමට ජනපතිගෙන් උපදෙස්

    කුසල් මෙන්ඩිස් විසින් සිය වරද හා තරග තීරක ඇන්ඩි පයික්‍රොෆ්ට් ලබා දුන් දඩුවම පිළිගෙන ඇති බවයි අයි.සී.සීය සදහන් කළේ.

    Sri Lanka
    පෙර පුව​තගිනයමින් පීඩා වන ජනතාවට සහන
    ඊළඟ පුව​ත සැවොම සතුටු කරන්න ගිහින් ගෝඨා ෆේල් වුණා

    සබැ​ඳි පුවත්

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද එංගලන්තයට

    වැලිඔය ප්‍රියන්තගේ ගෝලයෙකු අත්අඩංගුවට

    අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

    ටී 56 ගිනි අවියක් සමඟ පාර්සලයක් මහකනදරාව වැව් බැම්මෙන් හමුවෙයි

    ඕමානයේ මිය ගිය ලාංකිකයින් වෙනුවෙන් වන්දි ලබා දෙයි

    ගෑස් මිල පහතට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද එංගලන්තයට

    2026-09-05

    වැලිඔය ප්‍රියන්තගේ ගෝලයෙකු අත්අඩංගුවට

    2026-09-05

    අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

    2026-09-05

    ටී 56 ගිනි අවියක් සමඟ පාර්සලයක් මහකනදරාව වැව් බැම්මෙන් හමුවෙයි

    2026-09-05
    ක්‍රීඩා පුවත්

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද එංගලන්තයට

    2026-09-05

    සොනාල් දිනුෂ ටෙස්ට් පිතිකරුවන් අතර ඉදිරියට

    2026-09-04

    පළමු කාන්තා ශුරයින්ගේ කුසලාන සත්කාරකත්වය නිල වශයෙන් ඉන්දියාවට

    2026-09-03
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group