විදේශ අපරාධ කල්ලි සහමුලින් විනාශ කිරීමට අවශ්‍ය වුවහොත් ඒ සදහාද සූදානම් බව ඇමෙරිකානු රාජ්‍ය ලේකම් මාකෝ රූබියෝ පවසනවා.
විදේශ රටවල සහය සහිතව එම රටවල ක්‍රියාත්මක අපරාධ කල්ලි මැඩලීමට ඇමෙරිකාව සහයෝගය ලබාදීමට සූදානම් බවයි අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා කියා සිටියේ.
අදාළ රටවල සහාය ලබා ගෙන එම අපරාධ කල්ලි පිළිබද තොරතුරු අනාවරණය කර ගැනීමෙන් පසු එය සිදු කළ හැකි බව ඉක්වදෝරයේ සංචාරයට එක්වෙමින් රාජ්‍ය ලේකම්වරයා සදහන් කළා.
ඉක්වදෝරයේ ක්‍රියාත්මක අපරාධ කල්ලි දෙකක් විදේශ ත්‍රස්ත සංවිධාන ලෙස නම් කිරීමට ද ඇමෙරිකාව පසුගියදා කටයුතු කළා.
එමෙන්ම පසුගියදා කැරිබියන් මුහුදේ බෝට්ටුවක් ඉලක්ක කරගනිමින් ඇමෙරිකාව ප්‍රහාරයක් දියත් කිරීමට ද කටයුතු කරනු ලැබුවා.
එහිදී මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් 11 දෙනෙකු ඝාතනය කිරීමට සමත් වූ බවයි ධවල මන්දිරය නිවේදනය කළේ.