
ඉන්දුනීසියාවට අයත් ජාවා මුහුදු සීමාවේදී අතුරුදන් වූ මගී යාත්‍රාව සොයාගැනීමට එරට සෝදිසි සහ ගලවාගැනීමේ කණ්ඩායම් මේ වනවිට සමත්ව තිබෙනවා. ඒ අනුව මෙහෙයුම් කණ්ඩායම් විසින් මේ වනවිට මගීන් 103 දෙනෙකු මුදවා ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. කෙසේ වෙතත් අනතුරින් එක් අයෙකු මියගොස් ඇති අතර, තවත් මගීන් 140 දෙනෙකු අතුරුදන්ව ඇති බවයි වාර්තා වන්නේ. සුරබයා නගරයේ සිට බන්ජර්මාසින් දක්වා ධාවනය වෙමින් තිබූ මෙම යාත්‍රාව අනතුරට ලක්වන අවස්ථාවේදී එහි මගීන් 243 දෙනෙකු ගමන් කර තිබෙනවා. ප්‍රදේශයට බලපෑ අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ. අතුරුදන් වූවන් සොයා තවදුරටත් පුළුල් සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක බවද විදෙස් මාධ්‍ය වාර්තා කළා.














