
“යතිවර මාපිය නිවහන” ජාතික වැඩසටහනේ සමාරම්භක වැඩසටහන බදුල්ල දිස්ත්‍රික්කය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා. බුද්ධ ශාසනය වෙනුවෙන් සිය දරුවන් සසුන්ගත කළ, ස්ථිර නිවසක් නොමැති ආර්ථික දුෂ්කරතාවලින් පෙළෙන දෙමාපියන් සඳහා නිවාස ලබාදීමේ අරමුණින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මකයි. ඒ අනුව, සැප්තැම්බර් 19 වැනිදා හාලිඇල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කුඩුමහුවෙල ග්‍රාම නිලධාරී වසමේ ඉදිකිරීමට නියමිත නිවස සඳහා මුල්ගල් තැබීමට නියමිතව තිබෙනවා.














